ඔලෙක්සැන්ඩර් උසික් (Oleksandr Usyk) ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී (Wembley Stadium) පැවති ඩැනියෙල් ඩූබොයිස් (Daniel Dubois) සමඟ වූ අභියෝගකරුවෙක් නැති ලෝක ශූරතා සටනේදී, පස්වන වටයේදී ප්‍රබල knockout ජයක් වාර්තා කරමින් තම පරම්පරාවේ විශිෂ්ටතම හෙවිවේට් ක්‍රීඩකයා ලෙස සිය තත්ත්වය තහවුරු කර ගැනීමට සමත් වී ඇත.
1999 දී අභියෝගකරුවෙක් නැති ලෝක ශූරයා වූ බ්‍රිතාන්‍ය බොක්සර් වන ලෙනොක්ස් ලුවිස් (Lennox Lewis), සෙනසුරාදා සටනට පෙර අනාවැකි පළ කළේ, උසික්ට වඩාත් දියුණු ඩූබොයිස් කෙනෙකුට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
උසික් තම සුපුරුදු වම්පස පහරකින් බ්‍රිතාන්‍ය ප්‍රතිවාදියාට නැගිටීමට නොහැකි වන සේ පහර දී, වටයේ මිනිත්තුවකුත් තත්පර 52ක් ඇතුළතදී සටන තීරණාත්මක ලෙස අවසන් කර ඇත. ඩූබොයිස්ව උසික් පරාජය කළ දෙවැනි අවස්ථාව මෙයයි. 2023 දී පෝලන්තයේ ක්‍රැකෝව්හිදී (Krakow) පැවති සටනේදී උසික්, ඩූබොයිස්ව නවවන වටයේදී නතර කළ අතර, එහිදී ඩූබොයිස් පස්වන වටයේදී නීති විරෝධී පහරක් එල්ල කළ බවට තීන්දු වී තිබුණි. උසික් (38) තම ප්‍රතිවාදියාට වඩා අවුරුදු 11ක් වැඩිමල් වේ.
සෙනසුරාදා (ජූලි 19) ලබාගත් මේ ජයග්‍රහණයත් සමඟ යුක්‍රේනියානු ක්‍රීඩක උසික්, තම පරාජය නොවූ වෘත්තීය වාර්තාව තවත් දීර්ඝ කර ඇත. WBA, WBC සහ WBO ශූරයා තම බ්‍රිතාන්‍ය ප්‍රතිවාදියාගේ IBF පටියත් තම එකතුවට එක්කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



