ඇමරිකා එක්සත් ජනපදය (United States) සහ යුරෝපා සංගමය (European Union) පුළුල් පරාසයක විහිදුණු වෙළඳ ගිවිසුමකට එළඹී ඇති අතර, දැඩි තීරුබදු පැනවීමට නියමිත අගෝස්තු 1 වන දිනට දින කිහිපයකට පෙර, අත්ලාන්තික් සාගරය හරහා ඇතිවිය හැකි පූර්ණ වෙළඳ යුද්ධයක් වළක්වා ගැනීමට සමත් වී තිබෙනවා.
බොහෝ යුරෝපීය භාණ්ඩ සඳහා සියයට 15 ක තීරුබදු පනවනු ලබන මෙම ගිවිසුම, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ යුරෝපීය කොමිසමේ (European Commission) සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් (Ursula von der Leyen) අතර ස්කොට්ලන්තයේ (Scotland) පැවති පුද්ගලික හමුවකින් පසුව ඇති විය.
යුරෝපා සංගමයේ ආනයන සඳහා සියයට 30ක තීරුබදු පැනවීමට වොෂින්ටනය (Washington) නියමිතව තිබියදී දින කිහිපයකට පෙර අවසන් වූ මෙම ගිවිසුම, ජපානය (Japan), එක්සත් රාජධානිය (United Kingdom), ඉන්දුනීසියාව (Indonesia), වියට්නාමය (Vietnam) සහ පිලිපීනය (Philippines) සමඟ මූලික ගිවිසුම් සහ චීනය (China) සමඟ දින 90ක වෙළඳ සටන් විරාමයකින් පසුව, ට්‍රම්ප් විසින් මේ දක්වා නිවේදනය කරන ලද වෙළඳ ගිවිසුම් අතරින් වඩාත්ම වැදගත් එකයි.
යුරෝපා සංගමය, එක්සත් ජනපදයේ විශාලතම වෙළඳ සහකරු වන අතර, පසුගිය වසරේ දෙපාර්ශ්වික භාණ්ඩ හා සේවා වෙළඳාම ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න වී තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.



