ඕස්ට්‍රේලියාවේ (Australia) වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා පනවන ලෝකයේ ප්‍රථම සමාජ මාධ්‍ය තහනමට යූ ටියුබ් (YouTube) ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර මෙම තහනමෙන් යූ ටියුබ් නිදහස් කිරීමට නියමිතව තිබුණත්, එම නිදහස් කිරීම දැන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තහනම ටික්ටොක් (TikTok), ඉන්ස්ටග්‍රෑම් (Instagram), ෆේස්බුක් (Facebook), X සහ ස්නැප්චැට් (Snapchat) වලට බලපානු ඇත. මෙම තහනම යටතේ, යෞවනයන්ට තවමත් යූ ටියුබ් වීඩියෝ නැරඹීමට හැකි වුවත්, අන්තර්ගතයන් upload කිරීමට හෝ YouTube සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් තබා ගැනීමට ඔවුන්ට අවසර නොලැබෙනු ඇත.
ගූගල් (Google) සමාගමට අයත් යූ ටියුබ්, තරුණ ඕස්ට්‍රේලියානුවන්ට ප්රතිලාභ සහ වටිනාකමක් ලබා දෙන බැවින් දරුවන් සඳහා අවහිර නොකළ යුතු බවට තර්ක කර තිබුණා. “එය සමාජ මාධ්‍යයක් නොවේ,” යූ ටියුබ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. නෝර්වේ (Norway) ද එවැනිම තහනමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එක්සත් රාජධානියද (UK) එය අනුගමනය කිරීම සලකා බලමින් සිටින බැවින්, ඕස්ට්‍රේලියාවේ නීති ගෝලීය නායකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් (Julie Inman Grant) පසුගිය මාසයේ යූ ටියුබ් ද මෙම තහනමට එක් කරන ලෙස නිර්දේශ කළේ, වයස අවුරුදු 10 සිට 15 දක්වා ළමුන් හානිකර අන්තර්ගතයන් වැඩිපුර YouTube හි අන්තර්ගත වූ බැවිනි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



