ප්‍රිමියර් ලීග් (Premier League) ගිම්හාන තරඟාවලියේ (Summer Series preseason tournament) දී මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) කණ්ඩායම, බෝර්න්මවුත් (Bournemouth) කණ්ඩායම 4-1ක් ලෙස පරාජය කරමින් තරඟ දෙකකින් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙම තරඟය චිකාගෝ (Chicago) හිදී පැවැත්වුණා.
චිකාගෝ හි සෝල්ජර් ෆීල්ඩ් (Soldier Field) ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේදී, රස්මුස් හොයිලුන්ඩ් (Rasmus Hojlund), පැට්‍රික් ඩෝර්ගු (Patrick Dorgu), අමාඩ් ඩයලෝ (Amad Diallo) සහ යොවුන් ක්‍රීඩක එතන් විලියම්ස් (Ethan Williams) ගෝල ලබා ගනිමින් රූබන් අමෝරිම්ගේ (Ruben Amorim) කණ්ඩායමට හොඳ ප්‍රතිඵලයක් ලබා දුන්නා. සෙනසුරාදා (ජූලි 26) වෙස්ට් හැම් (West Ham) කණ්ඩායම 2-1ක් ලෙස පරාජය කරමින් සිය තරඟ සංචාරය ආරම්භ කළ යුනයිටඩ් කණ්ඩායම, හොයිලුන්ඩ්ගේ ගෝලයෙන් මිනිත්තු අටකට පසුවම ඉදිරියට පැමිණියා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



