ඕස්ට්‍රේලියාවෙන් විශාල සැරයටි කෘමියෙක් සොයා ගනියි

ඕස්ට්‍රේලියානු (Australia) විශ්වවිද්‍යාලයක පර්යේෂකයෙක්, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ (Queensland) දුරස්ථ වැසි වනාන්තරයකින් නව විශාල ප්‍රමාණයේ සැරයටි කෘමි විශේෂයක් (stick insect) සොයාගෙන තිබෙනවා.

මහාචාර්ය ඇංගස් එම්මොට් (Angus Emmott) විසින් රටේ ඊසානදිග කඳුකර තෙත් නිවර්තන කලාපයේ උඩුවියන් වලින් නව Acrophylla alta විශේෂය හඳුනාගෙන ඇත. මෙම කෘමීන් දළ වශයෙන් සෙන්ටිමීටර 40ක් දිගින් යුක්ත වේ. මෙම විශේෂයේ බර ග්‍රෑම් 44ක් වන අතර, එය “ගොල්ෆ් බෝලයකට වඩා තරමක් අඩු” බව ජේම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෙම කෘමියා මෙතරම් විශාල වුවද, එය මෙතෙක් සොයා නොගැනීමට හේතුව එහි දුෂ්කර වාසස්ථානයයි. එය ගස්වල ඉහළ කොටස්වල ජීවත් වන නිසා, කුණාටුවක් හෝ කුරුල්ලෙකු විසින් එය බිමට ගෙන එන්නේ නම් මිස දැක ගැනීමට අපහසු වී ඇත.

මෙම සොයාගැනීම ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය (biodiversity) පිළිබඳ දැනුමේ හිඩැසක් පුරවන අතර, විද්‍යාඥයන් විසින් මෙම විශේෂය සහ එහි වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top