1970 දී ඇපලෝ 13 (Apollo 13) මෙහෙයුම ආරක්ෂිතව පෘථිවියට මෙහෙයවූ අභ්‍යවකාශගාමී ජිම් ලවෙල් (Jim Lovell) 97 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී ඇත. අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් තිබියදී එහි පිපිරීමක් සිදුවීම නිසා චන්ද්‍රයා මතට ගොඩබෑමේ උත්සාහය අත්හැර දැමීමෙන් පසු, ඔහු විභව ඛේදවාචකයක් සාර්ථකත්වයක් බවට පත් කළ බව නාසා (Nasa) ආයතනය පවසා තිබෙනවා.
ලවෙල් සහ අනෙකුත් අභ්‍යවකාශගාමීන් දෙදෙනා පැසිෆික් සාගරයට (Pacific Ocean) නැවත පැමිණීම මිලියන දස දහස් ගණනක් රූපවාහිනියෙන් නැරඹූ අතර, එය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වඩාත්ම සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය.
ඇපලෝ 8 (Apollo 8) මෙහෙයුමේ ද කොටසක් වූ ලවෙල්, දෙවරක් චන්ද්‍රයා වෙත ගිය පළමු මිනිසා වූ නමුත්, ඇත්ත වශයෙන්ම කිසි විටෙකත් ගොඩ බැස්සේ නැත. ලවෙල් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනට ඓතිහාසික මාවතක් ගොඩනැගීමට උදව් කළ බව, නාසා ආයතනයේ වැඩබලන ප්‍රධානී ෂෝන් ඩෆී (Sean Duffy) පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



