අල්ලස් චෝදනා මත දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව අත්අඩංගුවට ගැනීමේ ඉල්ලීමක්

දකුණු කොරියාවේ (South Korea) හිටපු ජනාධිපති ආර්යාව වූ කිම් කියොන් හී (Kim Keon Hee) අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ නඩු පවරන්නෙකු විසින් කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඇය අඟහරුවාදා (අගෝස්තු 12) අධිකරණයට ඉදිරිපත් වී ඇත.

කිම් අත්අඩංගුවට ගනු ලැබුවහොත්, අත්අඩංගුවට ගනු ලැබූ දකුණු කොරියාවේ පළමු හිටපු ජනාධිපති ආර්යාව වනු ඇත. ඇගේ සැමියා වූ හිටපු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeol) ද දෙසැම්බර් මාසයේ හමුදා පාලනයක් (martial law) පැනවීමට ගත් අසාර්ථක උත්සාහයක් හේතුවෙන් අප්‍රේල් මාසයේදී ඉවත් කිරීමෙන් පසු මේ වන විට නඩු විභාගයකට මුහුණ දෙමින් සිරගතව සිටී.

ඇයට එරෙහිව ඇති වසර ගණනාවක් සිර දඬුවම් නියම කළ හැකි චෝදනා අතර, ව්‍යාපාරික හිමිකරුවන්ට, ආගමික නායකයින්ට සහ දේශපාලන බලතල හිමි පුද්ගලයින්ට සම්බන්ධ වන කොටස් වංචා (stock fraud), අල්ලස් දීම (bribery) සහ නීති විරෝධී ලෙස බලපෑම් කිරීම් (illegal influence peddling) ඇතුළත් වේ.

2022 වසරේදී තම සැමියා සමඟ නේටෝ (NATO) සමුළුවකට (summit) සහභාගී වෙමින් සිටියදී වොන් මිලියන 60කට (ඇමරිකානු ඩොලර් 43,000කට) වඩා වටිනා වෑන් ක්ලීෆ් (Van Cleef) පෙන්ඩනයක් පැළඳ සිටීම සම්බන්ධයෙන් ඇයට නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.

Scroll to Top