ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් (Melania Trump), ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) හරහා තම සැමියාට හඳුන්වා දුන් බවට හන්ටර් බයිඩෙන් (Hunter Biden) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඩොලර් බිලියන 1කට වඩා වැඩි වන්දියක් ඉල්ලා ඔහුට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බවට තර්ජනය කර තිබෙනවා.
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන්ගේ (Joe Biden) පුත්‍රයා වන හන්ටර් බයිඩෙන්, මෙම මාසයේ මුලදී සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් දක්වා ඇති අතර, එහිදී ඔහු එප්ස්ටයින් සමඟ ජනාධිපතිවරයාට තිබූ සම්බන්ධතා දැඩි ලෙස විවේචනය කළා.
2005 වසරේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහ වූ මෙලනියා ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්, මෙම ප්‍රකාශය අසත්‍ය, අවමානාත්මක සහ අපහාසාත්මක ලෙස හඳුන්වා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්, එප්ස්ටයින්ගේ මිතුරෙකු වූ නමුත්, එප්ස්ටයින් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ (Florida) ගොල්ෆ් සමාජයේ (golf club) සේවකයින් සොරකම් කිරීම නිසා 2000 දශකයේ මුල් භාගයේදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතා බිඳ වැටුණු බව පවසා තිබුණි.
ජනාධිපති ආර්යාවගේ නීතිඥයින් විසින් හන්ටර් බයිඩෙන්ගේ නීතිඥයෙකුට යොමු කළ ලිපියක, ඔහු මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන සමාව ගත යුතු බවත්, එසේ නොකළහොත් ඩොලර් බිලියන 1කට වඩා වැඩි හානි සඳහා නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



