නළුවෙකු වන නීල් ක්ලාක් (Noel Clarke) විසින්, තමාට එරෙහිව ලිංගික අපයෝජන (sexual misconduct) චෝදනා පළ කිරීම සම්බන්ධයෙන්, ගාඩියන් (Guardian) පුවත්පත් ප්‍රකාශකයාට එරෙහිව ගොනු කළ අපහාස නඩුවෙන්, ක්ලාක් පරාජයට පත් වී තිබෙනවා.
‘Doctor Who’ සහ ‘Kidulthood’ යන වැඩසටහන්වල රඟපෑ මෙම නළුවා, චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තයේ තම බලය භාවිතා කරමින් කාන්තාවන්ට හිරිහැර කර ඇති බවට 2021 දී පුවත්පත ලිපි මාලාවක් පළ කිරීමෙන් පසු, ගාඩියන් නිව්ස් ඇන්ඩ් මීඩියා (GNM) සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
සිකුරාදා (අගෝස්තු 22), විනිසුරුවරයා ක්ලාක්ගේ අපහාස නඩුව ඉවත දමා ඇති අතර, ගාඩියන් පුවත්පත සත්‍යය සහ මහජන අවශ්‍යතාව (public interest) මත තම ප්‍රකාශ ආරක්ෂා කර ගැනීමට සමත් වූ බව පවසා ඇත. ගාඩියන් පුවත්පතේ කර්තෘ ප්‍රකාශ කර ඇත්තේ, එය දුක් විඳි එම කාන්තාවන්ට ලැබුණු ජයග්‍රහණයක් සහ විමර්ශනාත්මක පුවත්පත් කලාවට සන්ධිස්ථානයක් බවය.
තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ක්ලාක්, මෙම තීන්දුව කනගාටුදායක බව පවසා ඇති අතර, තමන් කිසි විටෙකත් පරිපූර්ණ බව කියා නැති මුත් තමන් මෙම ලිපිවල විස්තර කර ඇති පුද්ගලයා නොවේ යනුවෙන්ද වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



