ටේලර් ස්විෆ්ට් සහ ට්‍රැවිස් කෙල්සි විවාහ ගිවිස ගනිති

සුපිරි පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ඇගේ සහකරු වන ට්‍රැවිස් කෙල්සි (Travis Kelce) සමඟ විවාහ ගිවිස ගත් බව නිවේදනය කර තිබෙනවා.

සඳුදා (අගෝස්තු 26) ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි පළ කළ සටහනක, ස්විෆ්ට් මේ පිළිබඳව සටහන් කර ඇති අතර එම සටහන සමඟ, කැන්සාස් සිටි චීෆ්ස් (Kansas City Chiefs) කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන කෙල්සි, ස්විෆ්ට්ට යෝජනා කරන ඡායාරූප ද ඇය පළ කර ඇත.

මෙම පෝස්ට් එක පැය හතරක් ඇතුළත මිලියන 18කට වැඩි ලයික්ස් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. ප්‍රසිද්ධ පුද්ගලයින් ද මෙම යුවළට සුබ පැතුම් පිරිනමා තිබෙන අතර, ඇව්රිල් ලැවින් (Avril Lavigne), කැරා ඩෙලෙවිං (Cara Delevingne) වැනි ගායිකාවන් ද ඊට ඇතුළත් වේ.

ට්‍රම්ප් (Donald Trump) ද ඔවුන්ට සුබ පතමින්, “ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. විශිෂ්ට පුද්ගලයෙක්. මම හිතන්නේ ඇයත් විශිෂ්ට පුද්ගලයෙක්” යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top