යුරෝපයේ වැඩිම මත්ද්‍රව්‍ය මරණ සංඛ්‍යාව ස්කොට්ලන්තයෙන්!

නිල දත්ත අනුව සත්වන වසරටත් යුරෝපයේ වැඩිම මත්ද්‍රව්‍ය මරණ සංඛ්‍යාව වාර්තා කරන රට ලෙස ස්කොට්ලන්තය පත්ව ඇත. මත්ද්‍රව්‍ය නිසා සිදුවන මරණ 13%කින් අඩුවුවද, 2024 වසරේදී මත්ද්‍රව්‍ය අනිසි භාවිතය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 1,017ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව මරණ 155 අඩුවීමකි.

නැෂනල් රෙකෝඩ්ස් ඔෆ් ස්කොට්ලන්ඩ් ආයතනය පවසා ඇත්තේ, මෙම සංඛ්‍යාව 2017න් පසු වාර්තා වූ අඩුම වාර්ෂික සංඛ්‍යාව බවයි. අනුව දශකයක් තුළ සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 10,884ක් දක්වා ඉහළ ගොස් ඇත.

වයසට අනුව සකස් කරන ලද දත්තවලට අනුව, 2024 දී ස්කොට්ලන්තයේ මිලියනයකට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය නිසා සිදුවූ මරණ 191ක් වාර්තා වී තිබේ. යුරෝපීය දත්ත අනුව ඊට පසු වැඩිම මරණ අනුපාතය වාර්තා වන්නේ එස්තෝනියාවෙන් වන අතර, එහි 2023 දී මිලියනයකට මරණ 135ක් සිදු වී ඇත.

ස්කොටිෂ් ඩ්‍රග්ස් ෆෝරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කර්ස්ටන් හෝස්බර්ග් මහත්මිය පවසා ඇත්තේ, මෑතකදී හඳුන්වා දුන් නයිටසීන් (nitazenes) නම් මාරාන්තික කෘතිම මත්ද්‍රව්‍ය හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම වසරේ නැවතත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top