ගාසා යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇති තාක්ෂණික දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත්තේ, රතු මුහුදේ සිදුවූ දිය යට කේබල් කැපීම් කිහිපයක් හේතුවෙන් මැදපෙරදිග සහ දකුණු ආසියාවේ අන්තර්ජාලයට බාධා එල්ල වී ඇති බවයි.
මයික්‍රොසොෆ්ට් සිය වෙබ් අඩවියේ පළ කරන ලද තත්ත්ව යාවත්කාලීන කිරීමක සඳහන් කළේ, “රතු මුහුදේ දිය යට කේබල් කැපීම් හේතුවෙන් මැදපෙරදිග හරහා ගමන් කරන ජාල ගමනාගමනය ප්‍රමාද විය හැකි” බවයි. ලොව දෙවන විශාලතම ක්ලවුඩ් පරිගණක සේවාව වන එහි Azure සේවාව මෙම කේබල් කැපීම් හේතුවෙන් බලපෑම් ඇති වූ බව ගෝලීය මෘදුකාංග දැවැන්තයා පැවසූ නමුත්, සාමාන්‍ය ජාල ගමනාගමනයට බලපෑමක් නොමැති බවද පවසා ඇත.
අන්තර්ජාල සම්බන්ධතා නිරීක්ෂණ ආයතනයක් වන නෙට්බ්ලොක්ස් (NetBlocks) වාර්තා කළේ, සවුදි අරාබිය, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක දුර්වල අන්තර්ජාල සම්බන්ධතා හේතුවෙන් මන්දගාමී වේගයක් සහ වරින් වර ප්‍රවේශ වීමේ ගැටළු ඇති වී ඇති බවයි.
නෙට්බ්ලොක්ස් පවසා ඇත්තේ, මෙම සම්බන්ධතා ගැටළු සවුදි අරාබියේ ජෙඩා අසල SMW4 සහ IMEWE කේබල් පද්ධතිවල අසාර්ථකත්වය හේතුවෙන් ඇති වූ බවයි. පාකිස්තානයේ විශාලතම විදුලි සංදේශ සපයන්නන්ගෙන් එකක් වන පාකිස්තාන ටෙලිකමියුනිකේෂන්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ගනුදෙනුකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ, ගැටලුව විසඳීමට තම ජාත්‍යන්තර හවුල්කරුවන් කටයුතු කරමින් සිටින බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



