සඳුදා (සැප්තැම්බර් 8) දින ඇමරිකාවේ ප්‍රධාන ඇනහිටීමකින් පසුව, සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඩිස්කෝඩ් (Discord) හි සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බව සමාගම නිවේදනය කරයි.
එක්ලක්ෂයකට අධික පරිශීලකයින් සඳහා සේවාව ඇනහිටීමෙන් පසුව, සියලුම පද්ධති ක්‍රියාත්මක වන බව සමාගමේ තත්ත්ව පිටුවෙහි සඳහන් විය. Downdetector.com හි ඇනහිටීම් ලුහුබැඳීමේ වෙබ් අඩවියට අනුව, වාර්තා වූ සිද්ධීන් 102,277ක් පමණ වූ ඉහළම අගයෙන්, සවස වන විට ගැටළු වාර්තා කළ පරිශීලකයින් සංඛ්‍යාව 1,300ක් දක්වා අඩු විය.
Downdetector හි දත්ත පදනම් වී ඇත්තේ, පරිශීලකයින් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මතය. බලපෑමට ලක් වූ සැබෑ පරිශීලකයින් සංඛ්‍යාව වෙනස් විය හැකිය.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.



