බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන වුල්ෆ් ඇලිස්, ඔවුන්ගේ පළමු ඇල්බම හතරටම මර්කරි ත්‍යාගය සඳහා නිර්දේශ වී, එම සම්මානයේ වසර 34ක ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවා තිබේ.
2018 වසරේදී “විෂන්ස් ඔෆ් අ ලයිෆ්” (Visions of a Life) නම් ඔවුන්ගේ දෙවන ඇල්බමය වෙනුවෙන් සම්මානය දිනාගත් මෙම සංගීත කණ්ඩායම, 1970 දශකයේ සොෆ්ට් රොක් (soft rock) සංගීතය පාදක කරගත් ඔවුන්ගේ “ද ක්ලියරින්” (The Clearing) ඇල්බමය වෙනුවෙන් හතරවන වරටත් සම්මානයට නිර්දේශ වී ඇත.
2025 මර්කරි සංගීත සම්මානය සඳහා නිර්දේශ වූ අනෙකුත් කලාකරුවන් අතර, වසර 24කින් පසුව ඔවුන්ගේ පළමු ඇල්බමය වන “මෝ” (More) වෙනුවෙන් පුල්ප් (Pulp) ද නම් කර ඇත. ඔවුන්ද මීට පෙර සම්මානය දිනා ගෙන ඇත.
84 හැවිරිදි ජන ගායක මාටින් කාර්ති (Martin Carthy) මර්කරි සම්මානය සඳහා නම් වූ වයස්ගතම කලාකරුවා බවට පත් වී තිබේ. ඒ අතරම, ජනප්‍රිය පොප් ගායිකාව වන පින්ක්පැන්තර්සස්ගේ (PinkPantheress) “ෆැන්සි දැට්” (Fancy That) නම් වූ මිනිත්තු 20ක මික්ස්ටේප් එක කෙටිම ඇල්බමය ලෙස නම් කර ඇත.
පසුගිය මාස 12 තුළ නිකුත් වූ හොඳම බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත ඇල්බමය සඳහා මෙම සම්මානය ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වෙන උත්සවයකදී ප්රදානය කිරීමට නියමිතය. සම්මානය ලන්ඩන් කේන්ද්‍රීය වැඩි බවට එල්ල වන චෝදනා විසඳීම සඳහා, මෙම වසරේ උත්සවය පළමු වරට නිව්කාසල්හිදී
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



