ක්‍රීඩාවෙන් ඊශ්‍රායලය තහනම් කරන ලෙස ස්පාඤ්ඤ අමාත්‍යවරියක් ඉල්ලයි

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 දී රුසියානු කණ්ඩායම් ක්‍රීඩාවෙන් පුළුල් ලෙස තහනම් කළ ආකාරයටම, ඊශ්‍රායල කණ්ඩායම් ද තහනම් කළ යුතු බව ස්පාඤ්ඤ ක්‍රීඩා අමාත්‍ය පිලාර් ඇලෙග්‍රියා පවසා ඇත.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන වුවෙල්ටා එස්පානා (Vuelta a Espana) පාපැදි තරගයට “ඊශ්‍රායල්-ප්‍රිමියර් ටෙක්” (Israel-Premier Tech) නම් කණ්ඩායමක් සහභාගී වීම, ස්පාඤ්ඤය තුළ දැඩි විරෝධතා රැසකට හේතු වී ඇත. ස්පාඤ්ඤ රජය ඊශ්‍රායලයේ ගාසා තීරයේ ප්‍රහාරය ජන සංහාරයක් ලෙස හඳුන්වා දී තිබේ. ඊශ්‍රායල්-ප්‍රිමියර් ටෙක් යනු බිලියනපති ඊශ්‍රායල-කැනේඩියානු දේපල සංවර්ධකයෙකු වන සිල්වන් ඇඩම්ස් සතු පෞද්ගලික කණ්ඩායමක් වන අතර, එය රජයේ කණ්ඩායමක් නොවේ. නමුත් දැඩි විරෝධතා මධ්‍යයේ වුවද වුවෙල්ටා තරගයෙන් ඉවත් නොවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය ප්‍රශංසාවට ලක් කර ඇත.

වුවෙල්ටා තරගයේ අදියර ගණනාවකට විරෝධතා හේතුවෙන් බලපෑම් එල්ල විය. 11 සහ 16 අදියර තරග අතරතුර කෙටි කර ඇති අතර, බ්‍රහස්පතින්දා පැවති 18 වන අදියරේ කාල නියම තරගය ද ආරක්ෂක හේතූන් මත කෙටි කර ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top