අමෙරිකාවෙන් සැක කටයුතු වෙනිසියුලානු මත්ද්‍රව්‍ය යාත්‍රාවක් විනාශ කරයි

ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ, වෙනිසියුලාවට (Venezuela) අයත් බවට සැක කරන මත්ද්‍රව්‍ය යාත්‍රාවක් අමෙරිකානු හමුදාව විසින් විනාශ කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසයි.

මෙම ප්‍රහාරය සිදු කිරීමට සුළු මොහොතකට පෙර, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro), අමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මාර්කෝ රුබියෝ (Marco Rubio) මරණයේ සහ යුද්ධයේ අධිපතියා ලෙස හඳුන්වමින්, අමෙරිකානු ආක්‍රමණයට එරෙහිව සිය රට ආරක්ෂා කර ගන්නා බව පවසා ඇත.

මෙම ප්‍රහාරය, අමෙරිකාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී මෙහෙයුම් ලෙස හඳුන්වමින්, යුධ නැව් කැරිබියන් මුහුදේ දකුණු ප්‍රදේශයට යැවීමෙන් පසු සිදුවූ දෙවන ප්‍රහාරයයි. පළමු ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගියේය.

පසුව ඕවල් කාර්යාලයේදී (Oval Office) අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, මෙම යාත්‍රා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලවලට අයත් බවට අමෙරිකාවට සාක්ෂි ඇති බවයි. මෙම ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාව සමඟ තිබූ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති බව පසුව මදුරෝ ප්‍රකාශ කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top