සුපිරි ක්‍රීඩක ආමන්ඩ් දුප්ලාන්ටිස් (Armand Duplantis) සිය අවසන් උත්සාහයෙන් 14 වැනි ලෝක වාර්තාව පිහිටුවමින් පිට පිට තුන්වැනි වතාවටත් ලෝක ශූරතාව දිනා ගනිමින්, පෝල්වෝල්ට් (pole vault) ක්‍රීඩාවේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ඇත.
ටෝකියෝහිදී පැවති මෙම තරගයේදී 25 හැවිරිදි මෙම ක්‍රීඩකයා මීටර 6.30ක වාර්තාගත උසක් සාර්ථකව ජයගත් පළමු මිනිසා බවට පත් විය.
මීට වසර හතරකට පෙර සිය පළමු ප්‍රධාන ජයග්‍රහණය වාර්තා කළ ක්‍රීඩාංගණයට නැවත පැමිණි දුප්ලාන්ටිස්, මීටර 6.15ක උසක් සාර්ථකව ජයගැනීමෙන් පසුවම රන් පදක්කම තහවුරු කර ගත්තේය. ඉන්පසු ඔහු තවත් සෙන්ටිමීටරයක් ඉහළට වාර්තාවක් තැබීමට උත්සාහ කළ අතර, එයද සාර්ථක විය.
මෙම වසරේදී දුප්ලාන්ටිස් වාර්තා කළ සිව්වැනි ලෝක වාර්තාව මෙය වන අතර, ඔහු පිට පිටම ලෝක මට්ටමේ පිරිමි පෝල්වෝල්ට් රන් පදක්කම් අටක් දිනාගෙන තිබීම ඔහුගේ ආධිපත්‍යයට තවත් සාක්ෂියකි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



