එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) අත්වැල් බැඳගෙන සිටින “සදාකාලික හොඳම මිතුරන්” (Best Friends Forever) නම් උපහාසාත්මක ලෝකඩ ප්‍රතිමාවක් වොෂින්ටන් ඩීසී හි ජාතික අනුස්මරණ උද්‍යානය (National Mall) අසල මතුවී තිබේ.
මෙම ප්‍රතිමාව, දෙදෙනා අත් අල්ලාගෙන සිටින ආකාරය නිරූපණය කරන අතර, එහි ඇති සමරු ඵලකයක “මිත්‍රත්ව මාසය” සැමරීමක් ලෙස, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ළඟම මිතුරා වන ජෙෆ්රි එප්ස්ටීන් අතර ඇති දිගුකාලීන බැඳීම මෙම ප්‍රතිමාවෙන් ගෞරවයට පාත්‍ර කරන බව සඳහන් වේ.
2019 දී සිරගෙදරදී මියගිය ලිංගික අපරාධකරුවෙකු වන එප්ස්ටීන් සමඟ ට්‍රම්ප්ට තිබූ සබඳතාවය මහජන සංවාදයේදී නිරන්තරයෙන් ආන්දෝලනයට තුඩු දෙන මාතෘකාවක් වී තිබේ. මෙම කලා නිර්මාණය, වොෂින්ටනයේදී නිර්නාමික කණ්ඩායමක් විසින් ට්‍රම්ප් විවේචනය කරමින් ප්‍රදර්ශනය කරන ලද ප්‍රතිමා පෙළක නවතම නිර්මාණයයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



