දේශසීමාවේ ඇති වූ මාරක ගැටුම්වලින් පසුව, පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර සතුරුකම් උත්සන්න වීම මැද, දෙපාර්ශවයම සටන් විරාමයකට එකඟ වී ඇති බව පකිස්ථාන සහ ඇෆ්ගන් නිලධාරීහු පවසති. බදාදා (ඔක්තෝබර් 15) පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ සටන් විරාමය දේශීය වේලාවෙන් සවස 6ට බලාත්මක වන බවත්, එය පැය 48ක් පුරා ක්‍රියාත්මක වන බවත්ය.
මෙම අර්බුදය සංකීර්ණ නමුත් විසඳිය හැකි බවත්, එයට විසඳුමක් සෙවීම සඳහා දෙරටම සාකච්ඡා මාර්ගයෙන් ප්රයත්න දරන බවත් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත. තලෙයිබාන් රජයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් (Zabihullah Mujahid) සමාජ මාධ්‍ය සටහනක ලියා ඇත්තේ මෙම සටන් විරාමය ඇති වූයේ පකිස්ථාන පාර්ශවයේ “ඉල්ලීම” මත බවයි. ඔහුගේ සටහනේ පැය 48ක කාල රාමුවක් ගැන සඳහන් වී නොතිබුණි.
දේශසීමාවේ නොසන්සුන්තා මධ්‍යයේ, සටන් විරාමය බලාත්මක වීමට පෙර, ඇෆ්ගන් අගනුවර වන කාබුල්හි පිපිරීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් අගනුවර රෝහලක් පවත්වාගෙන යන ඉතාලි රාජ්‍ය නොවන සංවිධානයක් වන EMERGENCY විසින් ප්‍රකාශ කරන ලදී.
සටන් විරාමය නිවේදනය කරන ලද්දේ අඟහරුවාදා රාත්‍රියේ ගිනිකොනදිග ඇෆ්ගනිස්ථානයේ ස්පින් බෝල්ඩැක් (Spin Boldak) දිස්ත්‍රික්කයට සහ පකිස්ථානයේ චමන් (Chaman) දිස්ත්‍රික්කයට මායිම් වූ දුරස්ථ දේශසීමා ප්‍රදේශයක යළිත් සටන් ඇවිළී ගොස් දුසිම් ගණනකට මරු කැඳවමින් තුවාල සිදු කිරීමෙන් පසුවය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



