දරුණු කාලගුණය මධ්‍යයේ සර්ෆ් පුවරුව කැඩී යාමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඕස්ට්‍රේලියාවේදී දියේ ගිලී මිය යයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා (Victoria) ප්‍රාන්තයේ දරුණු කාලගුණයක් පැවති අවස්ථාවකදී සර්ෆ් පුවරුවක් කැඩී යාමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ ඔහුගේ මිතුරා ද මේ අතර මිය ගොස් ඇත.

සිද්ධිය වාර්තා වූයේ මෙල්බර්න් නගරයට කිලෝමීටර් 45ක් (සැතපුම් 28ක්) පමණ ගිනිකොන දෙසින් පිහිටි ෆ්‍රැන්ක්ස්ටන් වෙරළ තීරයේදී (Frankston Beach) ය. මිනිසුන් දෙදෙනෙකු ජලයේ අනතුරේ වැටී ඇති බවට වාර්තා වීමෙන් පසු පොලිසිය සිද්ධියට කැඳවා තිබුණි. පොලිස් හෙලිකොප්ටරයක් පැමිණ විනාඩි 15ක් ඇතුළත එම පුද්ගලයන් දෙදෙනාව වෙරළට ගොඩ ගත්තද, කිසිවෙකු හෝ පණ ගැන්වීමට නොහැකි විය.

ප්‍රාන්තය පුරා පැයට කිලෝමීටර 130 (පැයට සැතපුම් 80) දක්වා සුළං වේගයක් අත්විඳිමින් තිබූ නිසා බදාදා දින ජලයෙන් ඈත් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබුණි.මියගිය 36 හැවිරිදි සර්ෆින් ක්‍රීඩකයාට අවම අත්දැකීම් තිබූ බවත්, ඔහු සර්ෆින් ඉගෙන ගනිමින් සිටින්නට ඇති බව  පෙනෙන බවත් රහස් පරීක්ෂක Melissa Nixon පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top