ජපානයේ ෆුජි කන්දට මේ වසරේ පළමු වරට හිම පතනය; සුපුරුදු දිනට වඩා දින 21ක් ප්‍රමාදයි

ජපානයේ සංකේතාත්මක ෆුජි කන්දේ (Mount Fuji) මුදුන මේ වසරේ පළමු වරට හිමෙන් වැසී ගොස් ඇත්තේ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 23) දිනදී ය. කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, 1894 දී වාර්තා තැබීම ආරම්භ කළ දා සිට සාමාන්‍ය දිනට වඩා මෙවර දින 21ක් ප්‍රමාදවී හිම පතනය සිදුවීම විශේෂත්වයකි.

මේ වසරේ හිම පතනය 2024 වසරට වඩා සති දෙකකට කලින් සිදුවිය. 2024 දී හිම පතනය සිදුවූයේ නොවැම්බර් 7 වැනිදා වන අතර, එය වාර්තා තැබීමෙන් පසු වඩාත්ම ප්‍රමාද වූ දිනය විය. මෙම පූජනීය කන්ද ජපානයේ වඩාත්ම කල් පවතින සංකේත අතර වේ. එහි හිමෙන් වැසී ගිය මුදුන Katsushika Hokusai ගේ “Great Wave Off Kanagawa” වැනි ජපානයේ ශ්‍රේෂ්ඨතම කලා කෘතිවලට ආභාෂය ලබා දී ඇත. මෙම නිර්මාණය දැනට 1,000-yen නෝට්ටුවේ පිටුපස ද නිරූපණය කර ඇත.

මෑත වසරවල ෆුජි කන්දට පළමු හිම පතනය ප්‍රමාද වී පැමිණියද, ඊට හේතුව කුමක්දැයි නිශ්චිතවම පැහැදිලි නැති බව Kofu නිරීක්ෂණාගාරයේ Mamoru Matsumoto පසුගිය වසරේදී පැවසීය. මෙවර හිම පතනයට පෙර, ජපානය අගෝස්තු මාසයේදී එහි ඉතාම ඉහළම උෂ්ණත්වය වාර්තා කළේය. ටෝකියෝ නගරයට වයඹ දෙසින් පිහිටි Isesaki නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.8ක් දක්වා ළඟා විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top