ලුවර් කෞතුකාගාරයේදී (Louvre Museum) වටිනා රාජකීය මැණික් සොරකම් කිරීමට සම්බන්ධ යැයි සැක කෙරෙන කොල්ලකරුවන් දෙදෙනෙකු ප්රංශ බලධාරීන් විසින් ඉරිදා (ඔක්තෝබර් 26) අත්අඩංගුවට ගෙන ඇත.
ඔක්තෝබර් 19 වැනිදා දහවල් කාලයේදී සුප්රසිද්ධ ලුවර් කෞතුකාගාරය කොල්ලකෑ සොරුන් විනාඩි කිහිපයක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 102ක් වටිනා ස්වර්ණාභරණ රැගෙන පලා ගොස් තිබුණි.
ආරංචි මාර්ග පවසන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සොරකම් සම්බන්ධයෙන් පොලිසියට හඳුනාගෙන සිටි පුද්ගලයන් බවත්, ඔවුන් තිස් ගණන්වල පසුවන්නන් බවත්, පැරිසියෙන් පිටත පිහිටි Seine-Saint-Denis ප්රදේශයේ අය බවත්ය. එක් අයෙකු ඇල්ජීරියාව බලා යාමට ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී Paris-Charles de Gaulle ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා සංවිධානාත්මක සොරකම් (organised theft) සහ අපරාධ කුමන්ත්රණ (criminal conspiracy) සම්බන්ධයෙන් සැකපිට භාරයට ගෙන ඇති අතර, ඔවුන්ව පැය 96ක් දක්වා රඳවා තබා ගත හැකිය.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.



