2007 ජනවාරි 1 හෝ ඉන් පසුව උපන් තරුණ තරුණියන් දුම්පානය කිරීම මාලදිවයින විසින් තහනම් කර ඇති අතර, එමගින් ජාතියක් වශයෙන් පරම්පරාගත දුම්කොළ තහනමක් ක්‍රියාත්මක කරන ලොව එකම රට බවට මාලදිවයින පත්ව ඇත.
මෙම තහනම යටතේ, තරුණ පරම්පරාවට රට තුළ දුම්කොළ භාවිත කිරීම, මිල දී ගැනීම හෝ විකිණීම නීති විරෝධී වනු ඇතැයි දිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා නිවේදනය කර ඇත. මෙම තහනම දුම්කොළවලින් සිදුවන හානිවලින් තරුණ පිරිස් ආරක්ෂා කිරීමට රජය දක්වන ශක්තිමත් කැපවීම පිළිබිඹු කරන බව අමාත්‍යාංශය පවසා ඇත.
නව තහනම “සියලු ආකාරයේ දුම්කොළ සඳහා අදාළ වන අතර, සිල්ලර වෙළෙන්දන් විකිණීමට පෙර වයස තහවුරු කළ යුතුය” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. මෙය දුම්කොළ පාලනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතිය (WHO Framework Convention on Tobacco Control) යටතේ මාලදිවයිනේ වගකීම් සමඟ ද එකඟ වේ.
පරම්පරාගත දුම්පාන තහනමක් සම්මත කිරීමට නවසීලන්තය විසින් ගෙන තිබූ සැලසුම්, නව රජයක් බලයට පත්වීමෙන් පසු 2023 දී අහෝසි කරන ලදී.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



