ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවට පළාත් පාලන බලධාරීන් පවසයි. තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින්, මෙම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම භූ කම්පනය සඳුදා අලුයම 01:00 ට පමණ සිදුවිය. එය ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන, 500,000 ක පමණ ජනතාවක් ජීවත් වන මසාර්-ඊ-ෂරීෆ් (Mazar-e-Sharif) නගරය ආසන්නයේ සිදුව ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (US Geological Survey) අනුව, මෙම භූ කම්පනය රික්ටර් මාපක 6.3 ක ප්‍රබලත්වයකින් සහ කිලෝමීටර 28 (සැතපුම් 17) ක ගැඹුරකින් යුක්ත විය. එය “සැලකිය යුතු අනතුරු” සිදුවිය හැකි බව පෙන්නුම් කරන තැඹිලි අනතුරු ඇඟවීමේ මට්ටමක් (orange alert level) ලෙස සලකුණු කර ඇත.
තලේබාන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, භූ කම්පනයෙන් 530 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



