මෙලිසා සුළි කුණාටුව කැරිබියන් දූපත් හරහා සිය විනාශකාරී ගමන දිගටම ගෙන යමින්, නිවාස සහ යටිතල පහසුකම් විනාශ කර, ජනාවාස ජලයෙන් යට කරමින් සහ දුසිම් ගණනක් මරණයට පත් කර තිබේ.
කලාපය තුළ මෙතෙක් වාර්තා වූ ප්රබලතම සුළි කුණාටු අතරින් එකක් වන පස්වන වර්ගයේ (Category five) මෙම කුණාටුවට සෘජුවම හසුවීමෙන් ජැමෙයිකාවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුගේ මරණය තහවුරු වී ඇත. අගමැති ඇන්ඩෲ හෝල්නස් (Andrew Holness) සිදුව ඇති විනාශය පිළිබඳව පවසා ඇත්තේ නිවාසවල වහලවලින් 80%-90% ක් විනාශ වී ඇති බවත්, රෝහල්, පුස්තකාල, පොලිස් ස්ථාන, වරාය ගබඩා සහ අනෙකුත් නාගරික යටිතල පහසුකම් ද විනාශ වී ඇති බවත්ය.
මේ වන විට දෙවන වර්ගයේ (Category two) සුළි කුණාටුවක් බවට පත්ව ඇති මෙලිසා හේතී (Haiti) කලාපය හරහා කඩා වැදීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තවත් 20 දෙනෙකු මිය ගොස් ඇත.
ජැමෙයිකාවේ රාජ්ය නායකයා වන III වන චාල්ස් රජු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙලිසා හේතුවෙන් ජැමෙයිකාවේ සහ කැරිබියන් පුරා සිදුව ඇති හානිය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බවය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



