DNA ව්‍යුහය සොයාගත් විද්‍යාඥයින් අතරින් එක් අයෙකු වන, නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ ජේම්ස් වොට්සන් (James Watson) 97 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී ඇත.
20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකෙන, DNA හි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ඔහු 1953 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් (Francis Crick) සමඟ එක්ව හඳුනා ගත්තේය. මෙය අණුක ජීව විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවට මග පෑදීය. DNA හි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයා ගැනීම වෙනුවෙන් ඔහු, මොරිස් විල්කින්ස් (Maurice Wilkins) සහ ක්‍රික් සමඟ 1962 දී නොබෙල් ත්‍යාගය බෙදා ගත්තේය.
DNA මුලින්ම සොයාගනු ලැබුවේ 1869 දී වුවද, DNA සෛලවල ජානමය ද්‍රව්‍ය සෑදෙන බව විද්‍යාඥයන් සොයා ගැනීමට 1943 වන තෙක් කල් ගත විය. කෙසේ වෙතත්, DNA හි ව්‍යුහය අභිරහසක්ව පැවතුණි. කිංග්ස් විද්‍යාලයේ පර්යේෂකවරියක් වූ රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින් (Rosalind Franklin) ගෙන් ඇයගේ දැනුමකින් තොරව ලබාගත් රූප භාවිතා කරමින්, ක්‍රික් සහ වොට්සන් අණුවේ භෞතික ආකෘතියක් තැනීමට සමත් වූහ. විල්කින්ස් ද ෆ්‍රැන්ක්ලින් සමඟ එක්ව DNA අණුවේ ව්‍යුහය නිර්ණය කිරීමට කටයුතු කර තිබුණි.
වර්ගය (race) සහ බුද්ධිය (intelligence) පිළිබඳ ඔහු කළ මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් වොට්සන්ගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඔහුට නිව් යෝර්ක්හි Cold Spring Harbor රසායනාගාරයේ කුලපති ධුරය අහිමි වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



