සත්කාරක රට වන තායිලන්තයේ නිලධාරියෙකු විසින් මිස් මෙක්සිකෝ අභියෝගාත්මක ලෙස ප්රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසු මිස් යුනිවර්ස් ඉසව්වකදී තරඟකාරියන් කිහිප දෙනෙකු එයින් ඉවත් වී ඇත.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පූර්ව-අලංකාර (pre-pageant) උත්සවයකදී වන අතර, එහිදී මිස් යුනිවර්ස් තායිලන්තයේ අධ්යක්ෂක නවත් ඉත්සරග්රිසිල් (Nawat Itsaragrisil), ප්රවර්ධන අන්තර්ගතයන් පළ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ෆාතිමා බෝෂ් (Fatima Bosch) නොහොත් මිස් මෙක්සිකෝ ට දස දෙනෙකුට අධික තරඟකාරියන් පිරිසක් ඉදිරියේ බැණ වැදී තිබේ.
ඇය ඊට විරෝධය දැක්වූ විට, නවත් මහතා ආරක්ෂක අංශ කැඳවා ඇයට සහය දක්වන අයට තරඟයෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇත. ඉන්පසු බෝෂ් මහත්මිය එම කාමරයෙන් පිටව ගිය අතර, සහයෝගය පළ කරමින් අනෙක් අය ද ඇය සමඟ එක්ව කාමරයෙන් ඉවත් වී ඇත.
මිස් යුනිවර්ස් සංවිධානය (MUO) නවත් මහතාගේ “ද්වේෂසහගත” (malicious) හැසිරීම හෙළා දැක ඇති අතර, ඔහු පසුව ඒ සම්බන්ධයෙන් සමාව අයැද තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



