සුඩානයේ Kalogi ප්‍රදේශයේ RSF ප්‍රහාරයකින් දරුවන් 46 ක් ඇතුළු 116 දෙනෙක් මරුට

සුඩානයේ ක්ෂණික සහාය බලකාය (Rapid Support Forces – RSF) විසින් දකුණු කොර්ඩෝෆාන් (South Kordofan) ප්‍රාන්තයේ Kalogi ප්‍රදේශයේ පෙර පාසලකට සහ වෙනත් ස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාරයකින් දරුවන් 46 දෙනෙකු ඇතුළු අවම වශයෙන් 116 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පවසා ඇත.

රජයට අනුබද්ධ සුඩාන සන්නද්ධ හමුදාවල (Sudanese Armed Forces – SAF) හමුදා මූලාශ්‍ර පවසා ඇත්තේ, RSF බ්‍රහස්පතින්දා දින පෙර පාසලට පහර දුන් බවත්, පසුව එම සමූලඝාතනය මැද ආධාර සැපයීමට රැස්ව සිටි සිවිල් වැසියන් ඉලක්ක කර ගත් බවත්ය. නගරයේ රෝහලක් සහ රජයේ ගොඩනැගිල්ලක් ද බෝම්බ ප්‍රහාරවලට ලක් වූ බව එම මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කර ඇත .

සුඩානය සඳහා වූ යුනිසෙෆ් (UNICEF) නියෝජිත Sheldon Yett සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, දරුවන් ඔවුන්ගේ පාසලේදී ඝාතනය කිරීම ළමා අයිතිවාසිකම්වල භයානක උල්ලංඝනයක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top