Bram කුණාටුවට අදාළව අධික සුළං සහ වර්ෂාපතනය සඳහා ඇම්බර් අනතුරු ඇඟවීම්

එක්සත් රාජධානියට අඟහරුවාදා සහ බදාදා දිනවල බලපෑමට නියමිත Bram කුණාටුව හේතුවෙන්, ඇම්බර් අනතුරු ඇඟවීම් ඇතුළුව දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වයඹදිග ස්කොට්ලන්තය හරහා පැයට කිලෝමීටර 144 (සැතපුම් 90) දක්වා තද සුළං ඇති විය හැකි අතර, ප්‍රබල සුළං පුළුල් ලෙස දැනෙනු ඇති බව වාර්තා වේ. ප්‍රවාහන ජාලයේ ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් මෙන්ම ඇතැම් ගොඩනැගිලිවලට හානි සිදුවිය හැකි බව ප්‍රකාශ කර ඇත.

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් ගංවතුර ඇති විය හැකි අතර, මෑතකාලීන වර්ෂාපතනයෙන් පස තවමත් තෙත්ව පවතින වේල්ස් සහ නිරිතදිග එංගලන්තයේ මෙහි බලපෑම දැඩි වනු ඇත. ඇම්බර් (දැඩි) අනතුරු ඇඟවීම වයඹදිග ස්කොට්ලන්තය සඳහා ද, කහ (Yellow) අනතුරු ඇඟවීම බටහිර වේල්ස් සහ නිරිතදිග එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තයේ වැඩි කොටසක් සහ වයඹදිග එංගලන්තය සඳහා බලපවත්වා ඇත. තදම සුළං අයර්ලන්ත මුහුදු වෙරළට ආසන්නව සහ වයඹදිග ස්කොට්ලන්තය දක්වා දැනෙනු ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top