රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජාතික ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින්, ජර්මනියේ පාර්ලිමේන්තුව (Bundestag) විසින් ස්වේච්ඡා හමුදා සේවාවක් හඳුන්වා දීමට පක්ෂව ඡන්දය දී ඇත.
මෙම තීරණය ජර්මනියේ හමුදාව කෙරෙහි වන ප්‍රවේශයේ වැදගත් වෙනසක් සනිටුහන් කරන අතර, යුරෝපයේ ශක්තිමත්ම සම්ප්‍රදායික හමුදාව නිර්මාණය කිරීමට චාන්සලර් Friedrich Merz ගේ උත්සාහය ද අනුගමනය කරයි.
2026 ජනවාරි මාසයේ සිට, ජර්මනියේ වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම තරුණ තරුණියන්ට ප්‍රශ්නාවලියක් යවනු ලැබේ. මෙම පෝරමය මඟින් ඔවුන් සන්නද්ධ හමුදාවට බැඳීමට කැමතිද යන්න විමසනු ඇත. මෙම පෝරමය පිරවීම පිරිමින් සඳහා අනිවාර්ය වන අතර, කාන්තාවන් සඳහා ස්වේච්ඡා වේ.
මෙම පියවරට විරෝධය පළ කරමින් සිකුරාදා දින නගර 90 කට ආසන්න ප්‍රමාණයක පාසල් සිසුන් වර්ජනවලට එක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



