ඩොලර් මිලියනයක මිලකට කඩිනම් වීසා සඳහා ‘Trump Gold Card’ වැඩසටහන ආරම්භ කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ‘Trump Gold Card’ වීසා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙය, එක්සත් ජනපද පුරවැසියන් නොවන අයට රටේ පදිංචි වීමට ඉතා ඉහළ මිලකට කඩිනම් අවසරයක් ලබා දෙන මාර්ගයකි.

Trumpcard.gov වෙබ් අඩවියට පිවිසෙන අයදුම්කරුවන් මුලින්ම කඩිනම් සැකසුම් කටයුතු සඳහා ඩොලර් 15,000 ගාස්තුවක් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට (Department of Homeland Security) ගෙවිය යුතුය. මෙම වීසා බලපත්‍රය හරිත කාඩ්පතකට (Green Card) සමාන වන අතර, එමඟින් ඔවුන්ට එක්සත් ජනපදයේ පදිංචි වීමට සහ රැකියාව කිරීමට අවසර ලැබේ.

වාණිජ්‍ය ලේකම් Howard Lutnick පැවසුවේ, පූර්ව ලියාපදිංචි කිරීමේ කාලය තුළ දැනටමත් පුද්ගලයන් 10,000 ක් පමණ මෙම ගෝල්ඩ් කාඩ්පත සඳහා ලියාපදිංචි වී ඇති බවත්, තවත් බොහෝ දෙනෙක් එසේ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

ට්‍රම්ප්ගේ පරිපාලනය සංක්‍රමණ මර්දනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් අනුගමනය කර ඇති අතර, නීතිවිරෝධී ලෙස රටේ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පිටුවහල් කර ඇත. එමෙන්ම නීත්‍යානුකූල සංක්‍රමණය අධෛර්යමත් කිරීමට පියවර ගෙන තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top