ඉන්දියාවේ ලයනල් මෙසීගේ (Lionel Messi) සංචාරය අතරතුර කල්කටාවේ Salt Lake ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනකින් පසුව, කෝපයට පත් රසිකයින් විසින් ආසන ගලවා දමා ක්‍රීඩා පිටියට විවිධ ද්‍රව්‍ය විසි කර ඇත.
පාපන්දු තරුව දැක බලා ගැනීම සඳහා අතිශය උද්යෝගිමත් රසිකයන් දහස් ගණනක මුදලක් ගෙවා තිබුණි. පිටිය වටා ඇවිද යාමට ඔහු පිටියට පැමිණියද, නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් විශාල පිරිසක් විසින් මෙසීගේ දර්ශනය අවහිර කිරීම නිසා රසිකයෝ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටියහ.
ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා විනාඩි 20 කට පමණ පසු ආරක්ෂක අංශ විසින් කලින්ම පිටතට රැගෙන යාමත් සමඟම, ප්‍රේක්ෂකයන්ගෙන් කොටසක් ප්‍රචණ්ඩකාරී විය. කලකිරුණු රසිකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා පිටියට කඩා වැදී බැනර් සහ කූඩාරම් විනාශ කළ අතර, තවත් සමහරු ප්ලාස්ටික් පුටු සහ වතුර බෝතල් වීසි කළහ.
මෙසී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ දිල්ලි යන නගරවල ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සඳහා ඉන්දියාවේ ‘GOAT’ (Greatest of All Time) සංචාරයක නිරත වේ. ඔහුගේ සංචාරය ආරම්භ වූයේ කල්කටාවේදී ඔහුගේම අඩි 70 (මීටර් 21) උසැති ප්‍රතිමාවක් එළිදැක්වීමෙනි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



