Jennifer Lawrence නැවත පැමිණීමෙන් Hunger Games රසිකයෝ උද්දාමයට

Jennifer Lawrence සහ Josh Hutcherson ලබන වසරේ නිකුත් වීමට නියමිත, ඉහළ අපේක්ෂාවෙන් පසුවන Hunger Games පෙරවදන චිත්‍රපටයට නැවත සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.

මෙම යුවළ අවසන් වරට රඟපෑවේ මුල් චිත්‍රපට මාලාවේ අවසාන කොටස වූ Mockingjay – Part 2 චිත්‍රපටයේය. ඇමරිකානු සඟරා වන The Hollywood Reporter සහ Deadline වාර්තා කළේ, නව චිත්‍රපටය වන The Hunger Games: Sunrise on the Reaping හිදී Lawrence (35) Katniss Everdeen ලෙසත්, Hutcherson (33) Peeta Mellark ලෙසත් නැවත සිය භූමිකාවන් සඳහා එක් වනු ඇති බවයි.

නව චිත්‍රපටයට පාදක වන නවකතාවේ ඇතුළත් වන ‘flash-forward’දර්ශන පෙළක් හරහා මෙම නළු නිළියන් දෙදෙනා පෙනී සිටිනු ඇතැයි එම සඟරා යෝජනා කරයි. Katniss ලෙස රඟපෑමෙන් ලෝක ප්‍රසිද්ධියට පත් වූ Lawrence, මීට පෙර පවසා තිබුණේ මෙම චරිතය ලෙස නැවත පැමිණීමට තමන් කැමති බවයි. පසුගිය මාසයේ Hutcherson ඇමරිකානු සඟරාවක් වන Variety සමඟ පැවසුවේ, තමන්ට ආරාධනා කළහොත් නැවත පැමිණෙන බවත්, ඊට කිසිසේත්ම ඒත්තු ගැන්වීමක් අවශ්‍ය නොවන බවත්ය.

ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ මෙම චරිත නැවත පැමිණීමේ පුවතින් Hunger Games රසිකයෝ මහත් උද්යෝගයකට පත් වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top