බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) විසින් එංගලන්තයේ සියලුම පාසල් වෙත ලිපියක් යොමු කරමින්, සම්පූර්ණ පාසල් දිනය පුරාම සිසුන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කළ යුතු බව අවධාරණය කර ඇත.
පන්ති කාමරයේ ඉගැන්වීම් කාලය තුළ පමණක් නොව, විවේක කාලය (Break time) සහ දිවා ආහාර කාලය (Lunchtime) තුළ ද දුරකථන භාවිතය තහනම් වේ. දුරකථන කැල්කියුලේටර ලෙස හෝ පර්යේෂණ කටයුතු (Research) සඳහා පන්ති කාමරය තුළ භාවිතා කිරීම නොකළ යුතු බවට උපදෙස් දී ඇත. සිසුන් ඉදිරියේ ගුරුවරුන් ද පෞද්ගලික අවශ්‍යතා සඳහා ජංගම දුරකථන භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව ලිපියෙහි සඳහන් වේ. පාසල් පරීක්ෂණ ආයතනය වන ‘Ofsted’ මගින් ඉදිරියේදී පාසල් පරීක්ෂා කිරීමේදී මෙම දුරකථන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරනු ඇත.
මෙම පියවර මගින් පන්ති කාමර තුළ පවතින අවධානය වෙනතකට යොමු වීම් අවම වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



