ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 (£3,659) සීමාව ප්‍රථම වතාවට පසුකර තිබේ. 2025 වසර තුළ පමණක් රන් මිල 60% කින් ඉහළ ගිය අතර, මෙම නවතම වාර්තාවත් සමඟ ආයෝජකයින් දැඩි උනන්දුවක් දක්වමින් සිටියි.
මූල්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් පවතින දේශපාලන සහ මූල්‍ය අස්ථාවරත්වය මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි. එනම්, ඇමරිකාව සහ නේටෝ සංවිධානය අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේද, චීනය සමඟ වෙළඳ ගිවිසුම් ඇති කරගතහොත් කැනඩාවට 100% ක බදු පැනවීමට ජනපති ට්‍රම්ප් කළ තර්ජනය, යුක්රේන සහ ගාසා යුද්ධය මෙන්ම වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝ ඇමරිකාව විසින් අත්අඩංගුවට ගැනීම, ඇමරිකානු ඩොලරය දුර්වල වීම, අධික උද්ධමනය සහ ලොව පුරා මහ බැංකු රන් සංචිත රැස් කිරීම වේ.
ලෝකය අවිනිශ්චිත තත්ත්වයකට පත්වන සෑම විටකම ආයෝජකයින් තම මුදල් රත්‍රන් සහ රිදී වැනි වටිනා ලෝහවල ආයෝජනය කිරීමට පෙළඹේ. රන් මිල ඉහළ යද්දී රිදී මිලද ඉතිහාසයේ පළමු වරට අවුන්සයක් ඩොලර් 100 සීමාව පසුකර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



