TikTok සහ ධවල මන්දිරය අතර ඓතිහාසික එකඟතාවක්!

ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok හි ඇමරිකානු මෙහෙයුම් කටයුතු එහි චීන මව් සමාගමෙන් වෙන් කර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ධවල මන්දිරය සමඟ අවසන් එකඟතාවකට පැමිණ තිබේ. මෙමගින් ඇමරිකාව තුළ TikTok තහනම් වීමේ අවදානම පහව යනු ඇත.

TikTok හි ඇමරිකානු ව්‍යාපාරය එහි ගෝලීය (චීන) මෙහෙයුම්වලින් වෙන් වූ නව ඇමරිකානු ආයතනයක් යටතට පත්වේ. TikTok හි සාර්ථකත්වයට හේතු වූ ‘ඇල්ගොරිතමය’ (Algorithm) මින් ඉදිරියට ඇමරිකානු පරිශීලක දත්ත මත පමණක් පදනම්ව අලුතින් පුහුණු කරනු ඇත. සියලුම ඇමරිකානු පරිශීලක දත්ත ඇමරිකානු නීති රෙගුලාසිවලට අනුකූලව ආරක්ෂා කරනු ලබන අතර, ඒවා චීන රජයට ලබා ගැනීමට ඇති ඉඩකඩ මේ හරහා අහුරා තිබේ. මෙම වෙනස්කම් නිසා ඇමරිකානු පරිශීලකයින්ට පෙනෙන වීඩියෝ සහ ඔවුන්ගේ අත්දැකීම් (User Experience) ඉදිරියේදී වෙනස් විය හැකිය.

මෙම ගැටලුව 2025 ජනවාරි මාසයේ සිට ඇදී ආවකි. එහි චීන හිමිකාරිත්වය (ByteDance) නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් එය තහනම් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තහනම ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල් දැමූ අතර අවසානයේ මෙම රාජ්‍යතාන්ත්‍රික විසඳුමට එළඹී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top