දකුණු කොරියාවේ ක්‍රිප්ටෝ සමාගමක මහා අවුලක්!

දකුණු කොරියාවේ ප්‍රමුඛතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වන Bithumb, තම පාරිභෝගිකයින්ට වැරදීමකින් බිට්කොයින් (Bitcoin) විශාල ප්‍රමාණයක් ලබා දීම නිසා පසුගිය සිකුරාදා දැඩි කැලඹීමකට පත්විය. අමෙරිකානු ඩොලර් බිලියන 40ක් පමණ වටිනා මෙම මුදල් ප්‍රමාණය නිසා ඇතැම් පාරිභෝගිකයින් සුළු මොහොතකට ලොව ඉහළම කෝටිපතියන් බවට පත් විය.

සමාගම සැලසුම් කර තිබුණේ පාරිභෝගිකයින්ට වොන් 2,000 (ඩොලර් 1.37 ) කුඩා මුදල් තෑග්ගක් ලබා දීමටයි. නමුත් පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එක් පාරිභෝගිකයෙකුට බිට්කොයින් 2,000 බැගින් බැර වී තිබේ.

දකුණු කොරියානු මූල්‍ය අධිකාරිය (FSS) මේ පිළිබඳව හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර, මෙහිදී කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීමට නියමිතය. මෙය බාහිර හැකර් ප්‍රහාරයක් නොව පද්ධතියේ දෝෂයක් බව සමාගම තහවුරු කර ඇත. සමාගම පවසන්නේ බලපෑමට ලක්වූ සියලුම පාරිභෝගිකයින්ට වොන් 20,000 (ඩොලර් 13.66) වන්දියක් ලබා දෙන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top