එංගලන්තයේ ස්ට්‍රීමිං සටන උණුසුම් වෙයි: Friends සහ Harry Potter සමඟ HBO Max පැමිණෙයි

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Friends’, ‘Harry Potter’ සහ ‘Game of Thrones’ වැනි නිර්මාණවල නිල හිමිකාරිත්වය දරන HBO Max ස්ට්‍රීමිං සේවාව ලබන මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය වෙත නිල වශයෙන් පිවිසීමට සූදානම් වේ. නෙට්ෆ්ලික්ස් (Netflix), ඩිස්නි ප්ලස් (Disney+) සහ ඇපල් ටීවී (Apple TV) වැනි දැවැන්තයින් සමඟ තරග වැදීම සඳහා මාර්තු 26 වනදා HBO Max සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

2025 වසරේදී නෙට්ෆ්ලික්ස් වෙතින් ඉවත් වීම නිසා බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයින්ට අහිමි වූ ‘Friends’ කතා මාලාව නැවතත් මෙහිදී නැරඹීමට අවස්ථාව හිමිවේ. මීට අමතරව Harry Potter, The Pitt, Euphoria සහ House of the Dragon ද නැරඹීමට අවස්ථාව උදා වේ.

මෙතෙක් කාලයක් බ්‍රිතාන්‍යයේ HBO නිර්මාණ පෙන්වූ Sky සහ Now TV සේවාවන් සමඟ නව ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව, පවතින Now Entertainment ග්‍රාහකයින් ස්වයංක්‍රීයව HBO Max ඇතුළත් නව පැකේජයකට මාරු කරනු ලැබේ. පැරණි HBO නිර්මාණ Sky හරහා දිගටම නැරඹිය හැකි වුවද, මින් ඉදිරියට නිර්මාණය වන සියලුම නව ‘Originals’ වැඩසටහන් HBO Max වෙත පමණක් සීමා වේ.

මෙම නව පිවිසුම හරහා බ්‍රිතාන්‍යයේ ස්ට්‍රීමිං වෙළඳපොළේ මිල ගණන් සහ තරඟකාරිත්වය තවදුරටත් වෙනස් වනු ඇතැයි විචාරකයින් පවසති.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top