2007 වසරේදී ජේම්ස් වොට් සහ මාටින් ඩිකී විසින් ආරම්භ කරන ලද Brewdog සමාගම, ඉතා කෙටි කලක් තුළ ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. එහෙත් වර්තමාන ආර්ථික පසුබිම සහ පසුගිය වසර කිහිපය තුළ සිදු වූ දැවැන්ත මූල්‍ය පාඩු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
සමාගමේ අනාගතය තීරණය කිරීම සඳහා AlixPartners ආයතනය කටයුතු කරනු ඇත. මෙහිදී සම්පූර්ණ සමාගම විකිණීමට හෝ කොටස් වශයෙන් වෙන් කර විකිණීමට ඉඩ ඇති බව පැවසේ. මෙය සන්නාමයේ දිගුකාලීන පැවැත්ම සඳහා ගත් විනයානුකූල පියවරක් බවත් බියර් නිෂ්පාදනාගාර සහ බාර් (Pubs) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බවත් ප්‍රකාශ කර ඇත.
මෙම සමාගමේ කොටස් මිලදී ගෙන ඇති 220,000කට අධික කුඩා ආයෝජකයින්ට, සමාගම අඩු මිලකට විකිණීම නිසා ලැබෙන ලාභය ඉතා අවම වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



