බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම වෙළඳ ජාලයක් වන ජෝන් ලුවිස් සහ වේට්‍රෝස් (Waitrose) සුපිරි වෙළඳසැල් හිමිකාරීත්වය දරන ‘John Lewis Partnership’, වසර හතරක විරාමයකින් පසු සිය සේවකයන්ට ප්‍රසාද දීමනා (Bonus) ලබාදීමට තීරණය කර තිබේ.
සමාගමේ මූල්‍ය ප්රතිසංවිධාන කටයුතු සාර්ථක වීමත් සමඟ පසුගිය මූල්‍ය වර්ෂයේ ලාභය වර්ධනය වී ඇති බව සමාගම පවසයි. ඒ අනුව සේවකයන්ට සිය සතිපතා වැටුපට සමාන 2% ක ප්‍රසාද දීමනාවක් හිමිවනු ඇත. මෙය 2022 වසරෙන් පසු සේවකයන්ට හිමිවන පළමු ප්‍රසාද දීමනාවයි. කොවිඩ් වසංගතය සහ ආයතනික වෙනස්කම් හේතුවෙන් මීට පෙර මෙය අත්හිටුවා තිබුණි.
ටෙස්කෝ (Tesco) සමාගමේ හිටපු ප්‍රධානියා වූ ජේසන් ටැරී (Jason Tarry) සභාපති ධුරයට පත්වීමෙන් පසු සමාගම තුළ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සමාගමේ සමස්ත විකුණුම් ආදායම 5% කින් වර්ධනය වී ඇති අතර එය පවුම් බිලියන 13.4 කි. විශේෂයෙන් වේට්‍රෝස් සුපිරි වෙළඳසැල් ජාලයේ විකුණුම් 7% කින් ඉහළ ගොස් ඇත.
සමාගම සිය අවධානය වෙළඳාම (Retailing) වෙත පමණක් යොමු කිරීමට තීරණය කර ඇති අතර, මීට පෙර සැලසුම් කර තිබූ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ද අතහැර දමා තිබේ. පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, තම සමාගම දැන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් මට්ටමක පවතින බව පාලනාධිකාරිය පවසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



