ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතිබ් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට!

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතිබ් (Esmail Khatib) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම ඝාතනය හේතුවෙන් මුළු ඉරානයම දැඩි ශෝකයට පත්ව ඇති බව පවසන ජනාධිපතිවරයා, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මරණය හමුවේ වුවද ඉරානය සිය මාවතේ වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව අවධාරණය කළේය.

පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ පළමු දිනදීම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු, ඉරාන පාලන තන්ත්‍රයේ නායකත්වය දුර්වල කිරීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඊයේ දිනයේදී ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන අලි ලරිජානි සහ ‘බසීජ්’ (Basij) පැරමිලිටරි බලකායේ ප්‍රධානියා ද මෙලෙස ඝාතනයට ලක් විය.

මේ අතර, තෙහෙරාන් වැසියන් පවසා ඇත්තේ මෙම ප්‍රබල නායකයන් ඝාතනය වීමත් සමඟ රජයට එරෙහි විරෝධතාවල නිරත වන ජනතාවට එල්ල වන මර්දනය යම් ප්‍රමාණයකට අඩුවනු ඇති බවට බලාපොරොත්තුවක් පවතින බවයි. මෙම තනතුරු සඳහා නව පුද්ගලයන් පත් වුවද, දැනට මියගිය පුද්ගලයන් ඉරාන පාලන තන්ත්‍රයේ ප්‍රධානම කුළුණු බඳු වූ බව ඔවුන්ගේ මතයයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top