බ්‍රිතාන්‍ය රජය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාවලට අනුව, ගමන් බලපත්‍ර (Passport) ගාස්තු ලබන අප්‍රේල් 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම් කරන වැඩිහිටි ගමන් බලපත්‍රයක මිල පළමු වරට පවුම් 100 සීමාව ඉක්මවා යාමයි.
මෙම මිල සංශෝධනය මගින් රජය අපේක්ෂා කරන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මත යැපීම අඩු කර, සේවාව ලබාගන්නා පුද්ගලයන්ගෙන් එම පිරිවැය පියවා ගැනීමටයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි මෙම 8% ක මිල වැඩිකිරීම හරහා සේවාවන්හි ගමන් බලපත්‍ර අයදුම්පත් සැකසීමේ පිරිවැය, විදේශයන්හිදී අහිමි වන හෝ සොරකම් කරන ගමන් බලපත්‍ර සඳහා ලබාදෙන සහාය, එක්සත් රාජධානියේ දේශසීමා පරීක්ෂාවන්හිදී බ්‍රිතාන්‍ය පුරවැසියන් මෙහෙයවීමේ පිරිවැය පියවා ගැනීමට අපේක්ෂිතය.
මෙම මිල සංශෝධනය 2023 වසරේ සිදුකළ 9% ක සහ 2024 වසරේ සිදුකළ 7% ක මිල වැඩිකිරීම්වලින් පසුව සිදුවන්නකි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා සති තුනක පමණ කාලයක් ගතවන බැවින්, සංචාරය කිරීමට පෙර කලින් අයදුම් කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



