ඔස්කාර් සම්මාන උළෙල හොලිවුඩයෙන් සමුගනී: 2029 සිට නව නිහවහනකට සහ යූටියුබ් වෙත

දශක දෙකකට අධික කාලයක් හොලිවුඩ් පුරවරයේ පැවති සුප්‍රසිද්ධ ඔස්කාර් (Oscars) සම්මාන උළෙල, 2029 වසරේ සිට ලොස් ඇන්ජලීස් හි මධ්‍යගත ස්ථානයකට ගෙන යාමට තීරණය කර ඇත. මෙම වෙනසත් සමඟම සම්මාන උළෙල සජීවීව විකාශය කිරීමේ අයිතිය ද ABC නාලිකාවෙන් ඉවත්ව YouTube වෙත හිමි වනු ඇත.

ඒ අනුව, 2002 වසරේ සිට සම්මාන උළෙල පැවැත්වූ හොලිවුඩ් බෝල්වර්ඩ් හි පිහිටි ‘ඩොල්බි රඟහල’ (Dolby Theatre) වෙනුවට, වැඩි ආසන ධාරිතාවයකින් යුත් පීකොක් රඟහල (Peacock Theater) මින් ඉදිරියට ඔස්කාර් සත්කාරකත්වය දරනු ඇත.

Emmy සහ Grammy සම්මාන උළෙලවල් පවත්වන LA Live සංකීර්ණයේ පිහිටි පීකොක් රඟහල වෙත උළෙල ගෙන යනු ලැබේ. වසර 50ක් පුරා ABC නාලිකාව ඔස්සේ විකාශය වූ ඔස්කාර් උළෙල, 2029 සිට YouTube හරහා නොමිලේ සහ සජීවීව ලොව පුරා විකාශය කෙරේ. ඇකඩමිය සහ AEG ආයතනය අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය 2039 වසර දක්වා ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, 2028 වසරේ පැවැත්වෙන 100 වැනි ඔස්කාර් සම්මාන උළෙල (Centennial Ceremony) සුපුරුදු පරිදි ඩොල්බි රඟහලේදීම පවත්වන අතර එය ABC නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top