එලොන් මස්ක්ගේ (Elon Musk) කෘත්රිම බුද්ධි (AI) ආරම්භක සමාගමක් වන xAI, Apple සහ ChatGPT නිපදවන OpenAI සමාගමට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක නඩු පවරා තිබෙනවා. මෙම නඩුවට අනුව, ඔවුන් දෙදෙනා කෘත්රිම බුද්ධිය සඳහා වන තරඟකාරීත්වය මර්දනය කිරීමට (suppress competition) නීති විරෝධී ලෙස කුමන්ත්රණය කර ඇති බවට චෝදනා කරයි.
ටෙක්සාස්හි (Texas) එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක ගොනු කරන ලද මෙම නඩුවේ, Apple සහ OpenAI ඔවුන්ගේ ඒකාධිකාරය (monopolies) පවත්වා ගැනීමට සහ X සහ xAI වැනි නවෝත්පාදකයින්ට තරඟ කිරීම වැළැක්වීමට වෙළඳපොළවල් අගුළු දමා ඇති බවට චෝදනා කරයි.
නඩුවේ සඳහන් වන්නේ, Apple සහ OpenAI විසින් Apple App Store ඇතුළු වේදිකාවල xAI හි නිෂ්පාදන මර්දනය කිරීමට කුමන්ත්රණය කර ඇති බවයි. 2024 ජුනි මාසයේදී Apple සහ OpenAI සමාගම් සුවිශේෂී ගිවිසුමක් යටතේ Apple හි මෙහෙයුම් පද්ධතියට ChatGPT ඒකාබද්ධ කරන බව නිවේදනය කළ බව නඩුවේ පෙන්වා දී තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



