Diss Track එක ‘මට වෛර කරන කෙනෙකුට ලියූ ප්‍රේම ලිපියක්’: ටේලර් ස්විෆ්ට්

පසුගිය සිකුරාදා ටේලර් ස්විෆ්ට්ගේ (Taylor Swift) නවතම ඇල්බමය නිකුත් කිරීමෙන් පසු, එක් ගීතයකින් ඇය යොමු දක්වන්නේ කාටදැයි සොයා ගැනීමට රසිකයන් දැඩි උනන්දුවකින් පසුවිය. මෙම ගීතය, “Actually Romantic” නම් වූ අතර එය නම් නොකළ තවත් පොප් තරුවක් ගැන වන අතර, එය චාලි XCX (Charli XCX) ගායිකාවට එල්ල කළ ‘ඩිස් ට්‍රැක්’ (Diss Track) එකක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කටකතා පැතිර ගොස් ඇත.

සිය නව ඇල්බමය සමඟ සමගාමීව සිනමා ශාලාවල ප්‍රදර්ශනය වූ වීඩියෝවකදී ස්විෆ්ට් හෙළි කළේ, මෙම ගීතය “ඔබට වෛර කරන කෙනෙකුට ලියූ ප්‍රේම ලිපියක්” බවයි. වයස අවුරුදු 35ක් වන මෙම පොප් තරුව ගායනා කරන්නේ කා ගැනදැයි නොකී නමුත්, එම පුද්ගලයා තමා වෙත දක්වන අවධානය ගැන උපහාසාත්මක ස්වරයෙන් ස්තුතිය ප්‍රකාශ කර ඇත.

ස්විෆ්ට්ගේ බලාපොරොත්තුවෙන් සිටි නව ඇල්බමය වන “The Life of A Showgirl” හි සත්වන ගීතය වන “Actually Romantic” මගින්, ඇයව boring Barbie ලෙස හඳුන්වන සහ ඇයට වෛර කරන ආකාරය ගැන ගීත ලියන තවත් ගායිකාවක් ගැන සඳහන් කරයි.

සමාජ මාධ්‍ය රසිකයන් විශ්වාස කරන්නේ මෙය, චාලි XCX විසින් ඇගේ Brat ඇල්බමයේ තිබෙන, ස්විෆ්ට් ගැන ලියූ බවට කියන “Sympathy is a Knife” ගීතයට දුන් පිළිතුරක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top