එක්සත් රාජධානියේ විදේශ බුද්ධි සේවය වන MI6 ආයතනයේ වසර 116ක ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තාවක් එහි ප්‍රධානියා ලෙස පත් වීමට නියමිත බව වාර්තා වේ.
බ්ලේස් මෙට්‍රෙවේලි (Blaise Metreweli) මහත්මිය, මෙම වසර අගදී සර් රිචඩ් මුවර් (Sir Richard Moore) මහතාගෙන් පසුව, MI6 හි 18 වන ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වනු ඇත.
ඇය 1999 වසරේ සිට MI6 ආයතනයේ සේවය කර ඇති අතර, දැනට එහි තාක්ෂණ හා නවෝත්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. මෙම භූමිකාව සඳහා තෝරා ගැනීම පිළිබඳව තමන් ආඩම්බර වන බවත්, එය මහත් ගෞරවයක් ලෙස සලකන බවත් ඇය ප්‍රකාශ කර ඇත.
අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) මෙම පත්කිරීම “ඓතිහාසික” සහ ඉතා වැදගත් එකක් ලෙස හැඳින්වූ අතර, වර්තමානයේ බුද්ධි සේවා පෙරට වඩා අත්‍යවශ්‍ය වී ඇති බව අවධාරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීම, සතුරු රටවලින් එල්ල වන තර්ජන අවහිර කිරීම සහ සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම මගින් MI6 ආයතනය එක්සත් රාජධානියේ ආරක්ෂාව තහවුරු කිරීමට දායක වේ. මෙට්‍රෙවේලි මහත්මිය, විශේෂයෙන් චීනය වැනි රටවලින් රහස් නියෝජිතයන්ගේ අනන්‍යතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කළ සේවය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
ඇය MI5 ආයතනයේ ද සේවය කරඇති අතර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හදාරා ඇත , බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තියට කළ සේවය වෙනුවෙන් 2024 වසරේදී බ්‍රිතාන්‍ය රජු විසින් ඇය ගෞරවයටද පාත්‍ර කරන ලදී.



