FIFA ශූරතා කුසලානයේ ඉන්ටර් මිලාන් සහ මොන්ටෙරේ කණ්ඩායම් අතර තරගය 1-1ක් ලෙස සම වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝස් බෝල් (Rose Bowl) ක්‍රීඩාංගණයේදී පැවති FIFA ශූරතා කුසලාන (FIFA Club World Cup) තරගයකදී, සර්ජියෝ රාමෝස් (Sergio Ramos) එල්ල කළ ප්‍රබල හෙඩ් පහරකින් ඉන්ටර් මිලාන් කණ්ඩායමට එරෙහිව මොන්ටෙරේ (Monterrey) කණ්ඩායම පළමු ගෝලය වාර්තා කළේය. පසුව, ඉන්ටර් මිලාන් කණ්ඩායම විසින් විශිෂ්ට කණ්ඩායම් ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් , 42 වන මිනිත්තුවේදී ලවුටාරෝ මාටිනෙස් (Lautaro Martinez) විසින් සමකිරීමේ ගෝලය වාර්තා කරන ලදි.

මෙම තරගය 1-1ක් ලෙස සම විය. දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට අවස්ථා හිමි වුවද, ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ඔවුන්ට නොහැකි විය. රාමෝස්ගේ ගෝලය සහ එහි සැමරුම තරගයේ කැපී පෙනෙන සිදුවීම් විය.

නව කළමනාකාර ක්‍රිස්ටියන් චිවු (Cristian Chivu) යටතේ ක්‍රීඩා කළ ඉන්ටර් මිලාන් කණ්ඩායම දැඩි උත්සාහයක් ගත්තද, තරගයේ අවසන් මොහොතේදී එය අසාර්ථක විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු Al Jazeera ඇසුරෙනි.

Scroll to Top