වේල්ස් කුමරියගේ අලුත්ම තොරතුරු සහිත වීඩියෝවක්
වේල්ස්හි කුමරිය (Princess of Wales) කැතරින්, ඇගේ රසායන චිකිත්සාව අවසන් කිරීමෙන් පසු ඇගේ සෞඛ්‍යය පිළිබඳ හැඟීම්බර වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. කෙන්සිංටන් මාලිගය (Kensington Palace) විසින් නිකුත් කරන ලද මෙම වීඩියෝවෙහි ප්‍රතිකාරයේ එක් අදියර අවසන් කිරීම පිළිබඳව සඳහන් කර ඇති අතර කුමරියට එය යම් සහනයක් බවත්, තව දුරටත් ප්‍රතිකාර සිදුකල යුතු බවත් සඳහන්. කැතරින් මාර්තු මාසයේදී හෙළි කළේ ඇය පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත්, වසරේ වැඩි කාලයක් මහජනයාගේ අවධානයෙන් ඈත්ව සිටින බවත්ය.
ඇය එම අත්දැකීම විස්තර කිරීමට බාවිතා කලේ “සංකීර්ණ, බියකරු සහ අනපේක්ෂිත” (complex, scary and unpredictable) යන්නයි.
මෙම කාලය ඇයගේ දුර්වලතා ගැන මෙනෙහි කිරීමටත් ජීවිතයෙහි වටිනාකම අවබෝධ කරගැනීමටත් අවස්තාවක් වූ බව ඇය අදහස් කරයි. නොවැම්බර් මාසයේ යෙදෙන අනුස්මරණ දිනයට සහ වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය වැනි ප්‍රසිද්ධ අවස්තා කිහිපයකට ඇය මෙම වසර අගදී සහභාගී වීමට අපේක්ෂා කරන නමුත්, මූලිකත්වය ලබා දෙන්නේ ඇගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව බව ඇය පවසයි.
පසුගිය ජනවාරි මාසයේදී ඇය උදර සැත්කමකට භාජනය වූ අතර පසුව මාර්තු මාසයේදී කරන ලද පිළිකා රෝග විනිශ්චයකින් පසුව ඇයට පිළිකාවක් ඇති බව සොයාගන්නා ලද. මේ සඳහා ප්‍රතිකාර ලබාගන්නා කාලය පුරාවටම ඇය, ඇගේ පෞද්ගලිකත්වය අගය කර ඇති අතර ජුනි මාසයේ Trooping the Colour සහ ජූලි මාසයේ විම්බල්ඩන් (Wimbledon) තරඟය ඇතුළුව ප්‍රසිද්ධියේ පෙනී සිටියේ කිහිප අවස්තාවකදී පමණි.
කැතරින්ගේ වීඩියෝව නොර්ෆොක් (Norfolk) හි රූගත කරන ලද අතර, එහි ඇය ඇගේ පවුලේ අය සමඟ සිටින ආකාරයත් ඇය යථා තත්ත්වයට පත්වීමට සහය වූවන්ට කෘතඤ වීමත් පෙන්නුම් කරයි. සම්පූර්ණ සුවය ලැබීමට තව බොහෝ කාලයක් ගතවිය හැකි බව දන්නා ඇය, බලාපොරොත්තු සහගතව සිටින බව ඇය අවධාරණය කර සිටියාය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි



