Nvidia සමාගමේ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 සීමාව ඉක්මවයි

Wall Street හි ප්‍රධාන දර්ශක බදාදා (ඔක්තෝබර් 29) වාර්තාගත ඉහළ අගයන් සටහන් කර ඇත. මෙහිදී Nvidia සමාගම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 ක වෙළෙඳපොළ වටිනාකම ඉක්මවූ පළමු සමාගම බවට ඉතිහාසගත විය. ආයෝජකයින් මේ අතරතුර ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත කප්පාදුවක් සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල ඉපැයීම් වාර්තා රැල්ලක් අපේක්ෂාවෙන් පසුවිය.

Nvidia හි කොටස් 4.7% කින් ඉහළ ගියේය. ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං (Jensen Huang) විසින් අමෙරිකානු ඩොලර් බිලියන 500 ක AI චිප් ඇණවුම් සහ එක්සත් ජනපද රජය සඳහා සුපිරි පරිගණක (supercomputers) හතක් ඉදිකිරීමට සැලසුම් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම සන්ධිස්ථානය ඉක්මවා යෑම සිදුවිය.

මෙම කොටස් වසරේ මේ දක්වා 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, 2025 වසරේ එක්සත් ජනපද කොටස්වල ඉහළම වර්ධනයක් ලබා දුන් සමාගම් අතර විය. R. Riley Wealth Management හි ප්‍රධාන වෙළෙඳපොළ උපායමාර්ගික ආර්ට් හෝගන් (Art Hogan) පවසා ඇත්තේ, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 සන්ධිස්ථානය ඓතිහාසික සන්දර්භයක් තුළ සිතාගත නොහැකි තරම් බව පෙනුනද, එය සියලුම මිනුම් දඬු අනුව විශිෂ්ට ලෙස ක්‍රියා කළ සමාගමක ප්‍රතිඵලයක් බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top