Snapchat භාවිතා කරන්නන්ට පැරණි ඡායාරූප සහ වීඩියෝ ගබඩා කිරීමට මුදල් අයකිරීමක්!

ජනප්‍රිය පණිවිඩ යෙදුමක් වන Snapchat විසින් මීට පෙර නොමිලයේ භුක්ති විඳීමට හැකි වූ සේවාවක් සඳහා මිලක් නියම කිරීමට කටයුතු කිරීමත් සමඟම, යන හැඟීම ඔස්සේ අන්තර්ජාලය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම යෙදුමේ මාතෘ සමාගම වන Snap විසින් සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේ, පරිශීලකයන් විසින් Memories (මතකයන්) ලෙස සුරැකි පැරණි ඡායාරූප සහ වීඩියෝ ගිගාබයිට් 5 කට (5GB) වඩා වැඩි ප්‍රමාණයක් තිබේ නම්, ඒ සඳහා මුදල් අය කිරීමට පටන් ගන්නා බවයි.

බොහෝ දෙනෙකුට මෙම Memories, අතීතයට යන කවුළුවක් වැනිය. මෙම පියවර හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ Google හා Apple හි ඇප්ලිකේෂන් වෙළඳසැල්වල අදහස් දක්වා ඇති ඇතැම් පරිශීලකයින් සමාගමට චෝදනා කර ඇත්තේ එය ආයතනික තණ්හාව (corporate greed) ලෙසිනි.

මෙම පියවර විවේචනයට ලක් කරමින් අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කර ඇති පෙත්සමක්, මෙම ගාස්තුව “මතක බද්ද” (memory tax) ලෙස නම් කර තිබේ. එහිදී අදහස් දක්වා ඇති ඇතැම් පිරිස් මෙය “විහිළු සහගත” සහ “අනවශ්‍ය” ලෙස හඳුන්වා ඇති අතර, එක් අයෙක් නැවත කිසිදා මෙම යෙදුම භාවිතා නොකරන බවට තර්ජනය කර ඇත.

Snap සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම වෙනස්කම් මගින් බලපානු ලබන්නේ කුඩා පරිශීලක සංඛ්‍යාවකට පමණක් බවයි. තවද, නොමිලයේ සේවාවක් ලැබීමෙන් ගෙවීමකට මාරුවීම කිසි විටෙකත් පහසු නොවන බව ඔවුන් පිළිගන්නා අතර, එය පරිශීලකයින් සඳහා වියදමට වටින සේවාවක් වනු ඇතැයි යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, මුදල් ගෙවීමට අකමැති පරිශීලකයින් සඳහා, තම Memories, උපාංගයට බාගත කර ගැනීමට විකල්පයක් පවතින බවද සමාගම පෙන්වා දී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top